User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

3

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වයස අවුරුදු 60 වැඩි වැඩිහිටි පුද්ගලයින් සඳහා කොවිඩ් 19 එන්නත් ලබා දීමේ වැඩසටහන යටතේ තෝරා ගන්නා ලද වසම් 7 ක ජනතාව එන්නත් කිරීම හා ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවාවන්හි නියුතු රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන කාර්ය මණ්ඩල එන්නත් කිරීම සාර්ථකව සිදු කලා. මෙම කටයුතු මැදවව්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එක්ව සංවිධානය කරන ලදී. 

 

60 ට වැඩි වැඩිහිටි පුද්ගලයන් එන්නත්කිරීම යටතේ පහත තුලාන් සඳහා එන්නත් කිරීම සිදු කරන ලදී

51-කුඩාකුඹුක්ගොල්ලෑව

58-ඉසින්බැස්සගම

59-ඇකිරිකන්ද

61-දුම්රිය නගරය

66-කටුවෙල

67-මැදවච්චිය බටහිර

68-මැදවච්චිය නැගෙනහිර

 

රාජ්‍ය හා පෞද්ගලික ආයතන එන්නත් කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ප්‍රාදේශීය සභාව

ලංකා විදුලි බල මණ්ඩය

තැපැල් කාර්යාලය

පොලිස් ස්ථානය

කාල්ටන් ගාමන්ට් ආයතනය

1

2

3

4

7

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
smartDS
ඔබ දැනටමත් දන්නවා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ රජීන් ප්‍රසන්න මහතා විසින් රාජ්‍ය අංශයට හඳුන්වා දුන් කළමනාකරණ දත්ත පද්ධතිය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපිත් දැන් භාවිත කරන බව.
පහුගිය දවස් වල කොවිඩ් 19 ආසාධිතයකු හමු වීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විශාල ප්‍රමාණයක් නිරෝධායනය කරා. ඒත් එක්කම කාර්යාලයේ සේවාවන් ලබා ගැනීමට එන ඔබත් යම් කිසි මට්ටමකට අවදානමකට ලක් වෙනවා. ඒ නිසා ඔබේ අවශ්‍යතාවයන්ට කාර්යාලයට එන්නම ඕන උනත් එන්න විදියක් නැතුව ඇති.
ඉතින් දැන් කළමනාකරණ දත්ත පද්ධතිය හරහාම ඔබට පුළුවන් ඔබේ විමසීම් / අවශ්‍යතා අපිට යොමු කරන්න. අපි ඒ කාරණය අදාල නිලධාරියාට යොමු කරනවා ඉදිරි කටයුතු කිරීමට.
මෙහෙමයි වැඩේ කරන්නේ.
01. ඔබට www.medawachchiya.ds.gov.lk වෙබ් ලිපිනය මගින් අපේ වෙබ් අඩවිය වෙත යන්න පුළුවන්.
02. ඒකේ තියෙන Smart DS කියන ලින්ක් එක ක්ලික් කරන්න.
03. ඉ-සේවා වෙත පිවිසෙන්න කියන බට්න් එක ක්ලික් කරන්න, ඊලඟට එන පිටුවේ විමසීම් බට්න් එක ක්ලික් කරන්න. (දැනට එම පිටුවේ තියෙන අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක කරලා නෑ, ඒවත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා)
04. දැන් ඔබගේ නිවැරදි ජාතික හැදුනුම්පත් අංකය හා අංක 10 කින් යුත් ජංගම දුරකථන අංකය ඇතුලත් කර "Search" ක්ලික් කරන්න.
05. ඔබ අප කොට්ඨාශයේ පදිංචි අයෙකුනම් ඔබගේ නම, ලිපිනය, ග්‍රාම නිලධාරී වසම අපි පෙන්වනවා. එහෙම නැත්නම් ඒ තොරතුරු ඔබ අදාල තැන්වල පුරවන්න.
06. දැන් ඔබගේ ඉල්ලීමට අදාල මාතෘකාව හා අවශ්‍ය කාරණය ලැබෙන වින්ඩෝව තුළ ටයිප් කරන්න පුළුවන්. ඉතා පැහැදිලිව ඔබට අවශ්‍ය කාරණය මෙහි සදහන් කරන්න. ඒ වගේම යම් ලිපියක් තියෙනවනම් "ඇමුණුම්" කියන තැනින් එම ලිපිය එක් කරන්න පුළුවන්. අතින් ලියපු ලිපියක් උනත් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහලා එතන attach කරන්න.
07. දැන් "Send" බට්න් එක ක්ලික් කරන්න. අපි ඔබට SMS පණිවිඩයක් එවනවා. ඒ මැසේජ් එකේ තියෙනවා ඔබගේ ඉල්ලීමට අදාල අංකයක්.
ඔබගේ ඉල්ලීම අපි කාර්යාලයේ එම විෂය කරන අදාල නිලධාරියාට යොමු කරනවා. ඔහු කාර්යාලයට එන්න බැරිව ගෙදර හිටියා උනත්, එම විමසීම ඔහුට යනවා. ඔහු ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන, ඒ බව මේ මෘදුකාංගයේ සටහන් කරනවා.
ඔබට 0252245744 කාර්යාලයේ දුරකථන අංකයට කෝල් කරලා යොමු අංකය සඳහන් කරලා ඒ ඉල්ලීම ගැන ප්‍රගතිය බලන්න පුළුවන්.
ඔබගේ ජංගම දුරකථන අංකය අපි ලග තියෙන නිසා අදාල නිලධාරියා අවශ්‍යනම් ඔබට කෝල් කරාවි. ඒ වගේම අවශ්‍ය උනොත් අපි මැසේජ් කරලා ඔබව දැනුවත් කරනවා.
අත්‍යාවශ්‍ය ඕනම දෙයක් අපිට යොමු කරන්න. කොරෝනා වසංගතය නිසා බොහොම අවධානමක් තියෙන මේ කාලේ ඔබත් ඔබේ සමීපතමයිනුත් පරිස්සම් කරගන්න. ඔබේ අවශ්‍යතාවයන් නිවසේ සිටම අපිට යොමු කරන්න.
මේ සේවාව පිළිබදව ඔබ දන්නා සියළු දෙනා දැනුවත් කරන්න. මොන ව්‍යසනයක් වසංගතයක් ආවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදියට කොට්ඨාසයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න අපේ කාර්ය මණ්ඩලය සූදානම්. ඉතින් අපිට පුළුවන් සියළුම ආකාරයෙන් ඔබට කඩිනම් සේවාවක් ලබා දෙන්න අපි බලපොරොත්තු වෙනවා.
මේ සියළුම සේවාවන් අපිට ඔබට සලසන්න පහසු උනේ මේ කළමනාකරණ දත්ත පද්ධතිය නිර්මාණය කරපු රජීන් ප්‍රසන්න Rajeen Prasanna මහත්මාගේ දායකත්වය නිසා. ඒ නිසා අපි එතුමාටත් මැදවච්චිය කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරනවා.

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active

19

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයේ සේවය කරන ලද නිලධාරිනියක කොවිඩ් 19 ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු නිරෝධායනයට ලක් කරන ලදී. මෙම නිලධාරීන් සඳහා පසුගිය සිකුරාදා දින (2021.06.25) මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව කාර්යාලයේ වෙනත් කිසිදු අයකුට කොවිඩ් 19 ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇත. 

User Rating: 0 / 5

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

LGN 2.0 - ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය

lgn2.0

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණය පිළිබඳව උතුරු මැද පලාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ප්‍රධාන නව්‍යකරණ නිලධාරින් දැනුවත්  කිරීමේ වැඩසටහනක්  2019.01.25 දින ‌‌පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා අනුරාධපුර ‌හෙරිටේජ් ‌හෝටලයේදී පැවැත්විනි. කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම කඩිනම් කිරීම මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙයි.

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය යටතේ ඉතා සාර්ථක ලෙස රාජ්‍ය ආයතන 860ක් මේ වනවිට ජාලගත කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය නිමා වනවිට රාජ්‍ය ආයතන 3,500ක් පමණ සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බව මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා ප්‍රකාශ කරන ලදී. 

 

News & Events

29
Jun2021

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වයස අවුරුදු 60...

29
Jun2021

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඔබ දැනටමත් දන්නවා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ...

Scroll To Top